සමස්ත චීන වෘත්තීය සමිති සම්මේලනය පිහිටුවීමේ 100 වැනි සංවත්සරය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්

සමස්ත චීන වෘත්තීය සමිති සම්මේලනය පිහිටුවීමේ 100 වැනි සංවත්සරය වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සවයක් අද (28) පැවැත්විණ. චීන ජාතික ආදර්ශ කම්කරුවන් සහ උසස් සේවකයන් ඇගයීමේ සමුළුව ද ඊට සමගාමීව පැවැත්විණ.

ඒ සඳහා එක් වූ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී දේශනයක් සිදු කළේය. ඔහු චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව වෙනුවෙන් රට පුරා සිටින සියලුම ජනවර්ගවල කම්කරුවන්ට, ගොවීන්ට, විද්වතුන්ට, විවිධ ක්ෂේත්‍රවල සේවකයින්ට, සමස්ත චීන වෘත්තීය සමිති සම්මේලනයට හා එහි සේවකයන්ට සිය අවංක සුබපැතුම් පිරිනැමීය. ඇගයීමට ලක් වූ ජාතික ආදර්ශ කම්කරුවන්ට සහ උසස් සේවකයන්ට ද ෂී ජින් පිං මහතා උණුසුම් සුබපැතුම් පිරිනමා ඇත.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com