20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අද (02)දින පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබෙනවා.
අදාළ කෙටුම්පත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(02) පස්වරුවේ පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරනු ලැබුවේ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසිනි.
ඒ අනුව අද ඉදිරිපත් කෙරුණු කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධ කිරීමටද අනුමැතිය හිමිවූ බව වාර්තා වේ.
එමෙන්ම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති තොරතුරු දැනගැනීමේ අයිතිය, ජනාධිපතිවරයාගේ හා පාර්ලිමේන්තු ධුර කාලය වසර 5 කට සීමා කිරීම, ජනාධිපතිවරයාට තරඟ කළ හැකි වාර ගණන දෙවරකට සීමා වීම හැරුණු කොට 19 වන සංශෝධනයේ සෙසු සියලු කරුණු ඉවත් කිරීමට පනත් කෙටුම්පතින් තීරණය වී තිබේ.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව