බුදු සසුනේ පැවැත්මට කතිකාවතක්

රාජ්‍යයක පැවැත්ම තිබෙනුයේ රාජ්‍ය ආරක්ෂාව සඳහා පවතින සංවිධානාත්මක ආරක්ෂක ව්‍යුහයේ ශක්තිමත් භාවය පවතින තාක් පමණි. රාජ්‍යයක ප්‍රජාතාන්ත්‍රික පාලන ස්වරූපය රැකෙනුයේ නීතියේ ආධිපත්‍යය පවතින තාක් පමණි. පාලිතයා පමණක් නොව පාලකයා ද නීතියේ ආධිපත්‍යයට යටත් ය යන්න මෙහි මූලික තේමාවකි. ශාසනයක් පවතිනුයේ ශාසනයේ විනය රැකෙන තාක් පමණි. “විනයෝ නාම සාසනස්ස ආයු” යන්න දෙවන සංගායනාවේ දී පිළිගැනීමට ලක් වූ ආප්තෝපදේශයකි.

බෞද්ධ ශාසනයේ පැවැත්ම රඳා පවතිනුයේ භික්ඛු-භික්ඛුණී, උපාසක-උපාසිකා යන සිව්වණක් පිරිසගේ විනය ශීලය රැකෙන තාක් පමණි. ඒ අතරින් විනය රැකීමෙහි ලා වර්තමානයේ පෙරගමන්කරුවන් ලෙස සැලකෙනුයේ ශාසන බලධාරී මහ සඟරුවන බවට විවාදයක් නැත. කලින් කල ශාසනයෙහි පිරිහීමේ ලක්ෂණ පහළ වීම ලොව පවතින යථා ස්වභාවයයි. එවන් අවස්ථා වල දී පරිශෝධන සිදු කරමින් පාරිශුද්ධත්වය රැකීමෙහි ලා කලින් කල මහ සඟරුවන ක්‍රියාත්මක වූ අතර රාජ්‍ය දායකත්වය ද බොහෝ සෙයින් ඊට ඉවහල් විය. ශාසනයෙහි විනය රකිමින් එහි පාරිශුද්ධත්වය පවත්වා ගෙන යාම සඳහා පරිශෝධන අවශ්‍ය බව මහ රහතන් වහන්සේලා ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලා අවබෝධ කරගනු ලැබුවේ බුද්ධ පරිනිර්වාණයෙන් පසු චිතකයට ගිනි දැල්වීමටත් පෙර ය. එනම් සුභද්‍ර භික්ෂුවගේ අභද්‍ර වචනය හේතුවෙනි. ඒ අනුව බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසක් ගත වූ තැන පළමු ධර්ම සංගායනාව ආරම්භ වූ අතර එහි දී මුලින් ම සංගායනා කළ යුත්තේ ධර්මය ද නැතහොත් විනය ද යන ප්‍රශ්නය පැන නැඟි අවස්ථාවේ දී මහ රහතුන් වහන්සේලා තීරණය කළෝ මුලින් ම විනය කරුණු සංගායනා කළ යුතු බවයි. එය උපාලි මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

හි කොටස් තුනක් ඇත. එනම් පර්යාප්ති, ප්‍රතිපත්ති සහ ප්‍රතිවේද යනුවෙනි. පර්යප්ති යනු බුදුන් වහන්සේ වදාළ නිර්මල චතුරාර්ය සත්‍ය දහමයි. ප්‍රතිපත්ති යනු එම ධර්මය තුළ ප්‍රතිපත්ති පිරීමයි. ප්‍රතිවේද යනු ප්‍රතිපත්ති පූර්ණය කර ගැනීම මගින් මාර්ගඵල ලබා ගැනීමයි.

ධර්මය හා විනය මාතෘකා දෙකක් වුව ද එය එක සමානව ආරක්ෂා කිරීම ශාසනය රැකීමට අත්‍යවශ්‍ය වේ. “ධම්මො භවෙ රක්ඛති ධම්මචාරී” යනුවෙන් දේශනා කරනු ලැබුවේ ධර්මය රකින්නා ධර්මය තුළින් ආරක්ෂා වන බව පහදා දීමට ය. බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ධර්මය ම ගුරු කොට තබමින් විමුක්තිය අරමුණු කරගත් භික්ෂූන් ක්‍රියා කළ යුතු බවට අනුදැන වදාළහ. විනය ආරක්ෂා නොවන තැන ධර්මය රැකීම ප්‍රායෝගික ව සිදු කළ නොහැක. බුද්ධ ශාසනය ආරම්භ වී වසර 20 ක් ගත වන තෙක් ප්‍රාතිමෝක්ෂ ශීලය මත ශාසනය පැවතියත් අනතුරුව විනය නීති පැනවීමට බුදුන් වහන්සේ ක්‍රියාත්මක වූයේ භික්ෂු විනය ආරක්ෂා කිරීමේ වැදගත්කම පහදා දෙමිනි

WP Twitter Auto Publish Powered By : XYZScripts.com