අයහපත් කාලගුණික තත්ත්වයත් සමග හටගත් අධික සුළං ප්රවාහය නිසා “එම්.ටී නිව් ඩයමන්ඩ්“ නෞකාවේ පාලනය කර තිබූ ගින්න නැවතත් හටගෙන තිබෙන බව නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
නාවික හමුදාව සඳහන් කළේ , ආපදාවට පත්වූ නෞකාව සංගමන්කන්ද තුඩුවට නාවික සැතපුම් 30 කට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ මේ වනවිට පවතින බව යි.
මෙනිසා ඊයේ (06) ගින්න නිවාදැමීමට භාවිත කළ DCP නමැති රසායනික සංයෝගය අදත්, එම ස්ථානයට ගුවනින් පතිත කළ බව ශ්රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේය.
ගින්න පාලනය කිරීම සඳහා ශ්රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව, ඉන්දීය නාවික හමුදාව, ඉන්දීය වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශවකරුවන්ට අයත් නෞකා, ගුවන් යානා සහ ටග් යාත්රා යොදා ගනිමින් කඩිනමින් කටයුතු කරමින් සිටී.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්