20ට එරෙහිව මාදුළුවාවේ සෝභිත හිමි පිළිරුව අබියස සත්‍යග්‍රහයක්

“19න් ඉදිරියට ජනතා ව්‍යාපාරය ” සංවිධානය කළ සත්‍යග්‍රහයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රය ඉදිරිපිට පිහිටි පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ පිළිරුව අබියසදී අද(08) පස්වරුවේ පැවැත්විණ.

මහ සංඝරත්නය, විපක්ෂයේ දේශපාලඥයින්, විද්වතුන්, සිවිල් සංවිධාන මෙම අවස්ථාවට එක්ව සිටි අතර එහිදි ඔවුන් 20 වන ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරිමේ ජනතා ප්‍රතිඥාවක්ද ලබා දුන්නේය.

කෙසේවෙතත් සංවිධායකයින් විසින් වැඩසටහනට අදාළ ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාකරවීමට අවශ්‍ය අවසරය ලබා නොගැනීම හේතුවෙන් වැඩසටහනේ ආරම්භයේදී ගැටලුකාරී තත්ත්වයක් හටගත්තේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් වැඩසටහන ආරම්භවුයේ ඉන් අනතුරුවය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න, ආචාර්ය දයාන් ජයතිලත, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු ලේකම් සුනිල් ජයසේකර සහ උලපනේ සුමංගල හිමියන් මෙහිදි අදහස් දැක්වුහ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com