ප්‍රේමලාල්ගේ නඩුවේදී ආණ්ඩුව උසාවියට බලපෑම් කලේ නැහැ – ජනපති

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා සම්බන්ධ නඩු කර්තව්‍යයේදි රජය විසින් අධිකරණයට කිසිදු බලපෑමක් සිදු නොකළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

“බලපෑම් කරනවානම් කළ යුතුව තිබුණේ මහාධිකරණයට. එවැන්නක් කිසිවිටෙකත් සිදුවූයේ නැහැ. අධිකරණ තීන්දුව දුන් විනිසුරුවරයා පත් කළේ ව්‍යවස්ථා සභාව. එහි සිටියේ කරූ ජයසූරිය, සජිත් ප්‍රේමදාස, තලතා අතුකෝරාළ ඇතුළු පිරිසක්. විපක්ෂයට එක් තීන්දුවක් හොඳයි. අනෙක නරකයි. අභියාචනාධිකරණ විනිසුරුවරයා පත් කළේ ඒ ව්‍යවස්ථා සභාවමයි” මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

රාජ්‍ය අමාත්‍යවරුන් සමග අද (10) පැවති සාකච්ඡාවකදීයි ඔහු මේ බව කියා සිටියේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com