රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් රතු එළියක්

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට අපොහොසත් වුවහොත්
සති දෙකක් ඇතුළත දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

කොළඹ අද (11) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේ වෛද්‍ය සේවාවේ ගුණාත්මකභාවය හා වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ආරක්ෂා කිරීමෙහි ලා පූර්ණ බලය ඇති ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මේ වන විට එම කාර්යෙහි අසමත්ව ඇති බවයි.

වෛද්‍ය සභාව දේශපාලනීකරණය කිරීමට ලක් කළ එකම අමාත්‍යවරයා රාජිත සේනාරත්න බව ද එම මාධ්‍ය හමුවේ දී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසීය.

කඩිනමින් මෙම ගැටලුව සඳහා විසඳුම් ලබාදීමට බලධාරීන් අපොහොසත් වුවහොත් ලබන 21 වනදා සිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව සැප්තැම්බර් 10 දින රැස්වූ බවත් එහිදී එම තීරණයට එළඹුණු බවත් එම සංගමය සඳහන් කළා.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, වසර 90ක කාලයක් ස්වාධීනව පැවති ආයතනයක් බව ද ඔවුන් සඳහන් කළා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com