ත්‍රී රෝද රථ සහ යතුරු පැදි හෙට (16) සිට බස් ප්‍රමුඛතා මංතීරුවේ ගමන් කළ යුතු බව, බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.
තාවකාලිකව නවතා දමා තිබූ කොළඹ නගරයේ මංතීරු නීතිය ඊයේ සිට නැවත ආරම්භ කෙරිණ. මංතීරු නීතිය ක්‍රියාත්මක කෙරෙන්නේ උදේ කාලයේ කොළඹ නගරයේ පවතින රථවාහන තදබදයට විසඳුම් ලබාදීමේ අරමුණෙන්. මේ සඳහා කොළඹට ඇතුළුවන ප්‍රධාන මාර්ග 04ක් තෝරා ගෙන තිබේ.
බස් ප්‍රමුඛතා මංතීරුවේ ත්‍රි රෝද රථ සහ යතුරු පැදි ගමන් කිරීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය විරෝධය පළ කරයි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ