මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුලු විවිධ අපරාධ සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින මව්වරුන් සමග දරුවන් 46 දෙනෙකු පිළිබඳ වාර්තාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කර තිබෙනවා.
ඒ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්තාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසිනුයි.
එම වාර්තාවේ සඳහන් කරුණුවලට අනුව දරුවන් සම්බන්ධයෙන් කළ හැකි විශේෂ වැඩසටහනක් සොයා බලන ලෙසත්, ඔවුන්ට නිදහස උපරිම ලෙස ලබාදීමට හැකිවන පරිදි නෛතික පසුබිම සොයා බලන ලෙසත් එහිදී අග්‍රාමාත්‍යවරයා වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ රැදවියන් ගොවිපල හා කර්මාන්ත ශාලාවලට යොමු කර නිසි පුනරුත්තාපන ක්‍රමවේදය සතු වූ යහපත් පුද්ගලයන් ලෙස සමාජගත කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් අධිකරණ අමාත්‍යංශය සමග ඉදිරියේ දී සාකච්ඡා කොට සකස් කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර ඇති බව සඳහන්.
එමෙන්ම සිරකරු සුබසාධක දිනය වෙනුවෙන් නිකුත් කරන ලද සමරු කොඩිය ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පැළඳවීම අද දින අරලියගහ මන්දිරයේ දී සිදුවුණා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ