ශ්‍රි ලංකාවට ආසන්න මුහුදු තීරයේ ගිනි ගැනීමට ලක්වූ ඒම්.ටී.නිව් ඩයමනඩ් නෞකාවේ ග්‍රීක ජාතික කපිතාන් තිරෝස් හිලියාස් නමැත්තාට මේ මස 28 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් අද නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළා.
විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුවයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේ.
මෝසමක් මාර්ගයෙන් මෙම පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු තීරයේ ගිනි ගැනීමට ලක්වූ මෙම නෞකාවෙන් කාන්දු වු ඛනිජ තෙල් මීටර් දෙකක ඝනකමකින් සහ මීටර් 400 ක පළලකින් යුත් තට්ටුවක් අදාළ ප්‍රදේශයේ දක්නට තිබෙන බව සඳහන් කළා.
මෙම තෙල් කාන්දුව හේතුවෙන්ව නැව ගිනි ගැනීමට ලක් වූ ප්‍රදේශයේ සිට මුහුදු සැතපුම් දෙකක් ( 6.5 km) දක්වා ප්‍රදේශයක සාගර ජලය දූෂණයට ලක්වී ඇති බව මෙතෙක් සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයිද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා සඳහන් කර සිටියා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා සිදුකළ විමර්ශනවලට අනුව නැවේ ගබඩා කර තිබූ බොර තෙල්මුහුදු ජලය සමග මිශ්‍ර වී නොමැති බව අනාවරණය වී ඇති බවත් නැවේ පරිහරණය සඳහා තිබූ ඉන්ධන වර්ග සාගර ජලයට මිශ්‍ර වී ඇති බව අනාවරණය වී ඇතැයි පැවසූ රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරයා මුහුදු ජලයට මිශ්‍ර වී ඇති ඉන්ධන වල දැඩි පෙට්‍රෝලියම් සංඝටක අන්තර්ගතව තිබෙන බවට රජයේ රස පරීක්ෂකවරයා නිගමනය කර ඇතැයිද පැවසුවා.
අදාළ නෞකාවේ කපිතාන්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශය මගින් අදාළ නෞකාවේ බ්‍රොයිලර් කාමරයේ ඇති වූ විශාල පිපිරීමකින් පසුව එම ගින්න ඇතිවූ බවත් එම අවස්ථාවේ පැවැති වාතාවරණය අනුව ගිනි වැවීමේ ක්‍රමවේදය අනුගමනය කිරීමට නොහැකි වූ බවත් ඔහු විසින් ප්‍රකාශ කර ඇතැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පැවසුවා.
මෙම කපිතාන්වරයා 1984 වසරේ නාවික ක්ශේත්‍රයට එක්ව ඇති අතර කපිතාන් වරයෙකු වශයෙන් වසර 10 ක අත්දැකීම් තිබෙන බව ප්‍රකාශ කර ඇති අතර 2020 වසරේ මෙම ගිනි ගැනීමට ලක් වූ නෞකාව හිමි සමාගමේ කපිතාන්වරයෙකු ලෙස බැඳී සේවය කර ඇති බව ඔහුගේ ප්‍රකාශයෙන් අනාවරණය වී ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළා.
ඒ අනුව කුවෙට්හි සිට ඉන්දියාව දක්වා තෙල් තොග ප්‍රවාහනය කරමින් සිටින අවස්ථාවේ මෙම ගිනි ගැනීම සිදුවී ඇති බවත් තමා මෙම සමාගමට එක් වීමෙන් පසුව යෙදුණු මංගල ගමන මෙය බවත් අදාළ කපිතාන්වරයා විසින් සිය ප්‍රකාශය තුළින් සඳහන් කර ඇතැයි ද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ සඳහන් කර සිටියා.
මෙම නෞකාවේ ගින්න මැඩපැවැත්වීම සඳහා දැරූ ප්රයත්නය වෙනුවෙන් රුපියල් මිලියන 340 ක මුදලක් අයකර ගැනීම සඳහා අදාළ නැව් සමාගම වෙත ශ්‍රී ලංකා රජය විසින්දැනුම් දීම සිදු කර ඇති බවත් මෙම නෞකාව දැනට පවතින ස්ථානයෙන් ඉවත් කරගන්නේ නම් ඇමරිකානු ඩොලර් මිලියන170 ක බැඳුම්කරයක් තැන්පත් කර එම නෞකාව ඉවත් කර ගන්නා ලෙසත් අදාළ සමාගමට දන්වා ඇතැයිද නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරයා පැවසුවා.
දැනට සිදුකර ඇති පරීක්ෂණ වලට අනුව මෙම ගිණි ගැනීම සිදු වූ අවස්ථාවේදී එය මැඩ පැවැත්වීම සඳහා අනුගමනය කලයුතු ස්වයංක්‍රීය ආරක්ෂණ ක්‍රම අනුගමනය කිරීමට කපිතාන්වරයා පැහැරහැර ඇති බවත් මෙම ගින්න පිළිබඳව වගකිවයුතු ආයතන වලට දැනුවත් කිරීමද ඔහු කටයුතු කර නොමැති බව පෙනී යන්නේ යැයි සඳහන් කළ රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරයා ඔහුගේ මෙම ක්‍රියා කලාපය තුළින් බැලූ බැල්මට අපරාධමය වරදක් උද්ගත වන බවද සඳහන් කර සිටියා.
ඒ අනුව ගාල්ල ප්‍රදේශයේ නිරෝදානය වෙමින් පවතින මෙම කපිතාන්වරයාගේ නිරෝධායන කාලසීමාව ලබන 24 වනදා අවසන් වන බවත් ඉන් පසු දිනයක ඔහු අධිකරණය හමුවට කැඳවීම සඳහා නොතීසියක් නිකුත් කර ලෙසත් රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා වැඩිදුරටත් අධිකරණයට ඉල්ලා සිටියා.
එම ඉල්ලීම පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අදාළ නෞකාවේ කපිතාන්වරයාට මේ මස 28 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසද නියෝග කලා.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව