දිවයින හරහා සුළං වේගයේ සහ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අද (18) දින සිට සැප්තැම්බර් 21 දක්වා අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවන තරමේ තද වැසි අපේක්ෂා කළ හැකියි. සබරගමුව, මධ්‍යම, වයඹ හා බස්නාහිර පළාත්වලටත් ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 100 ඉක්මවන තරමේ තද වැසි අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වුණේ.
එමෙන්ම අකුණු අනතුරු හා තද සුළං තත්ත්වයන් සම්බන්ධයෙන්ද අවදානය යොමු කරන්නැයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
උතුරුමැද පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර මුහුදු ප්‍රදේශ සඳහා බලපැවැත්වෙන පරිදි නිකුත් කළ අනතුරු ඇගැයීමේ නිවේදනයද තවදුරටත් බලාත්මකයි.
එහි දැක්වුණේ දිවයින වටා මුහුදු ප්‍රදේශ හරහා හමන සුළං පැයට කිලෝමීටර් 70 ක් දක්වා වේගවත් විය හැකි බවයි. එම සුළං ධාරා සමඟ මුහුද ඉතා රළු තත්ත්වයට පත්විය හැකි බවද එම අනතුරු ඇගවීමේ නිවේදනයේ දැක්වුණා.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව