රේගුවෙන් කහ කිලෝ ග්රෑම් 33,000ක් පිට කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් රේගුවේ නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
නීතිවිරෝධීව මෙරටට ආනයනය කළ කහ කිලෝ 33,000 සහ උඳු කිලෝ 3,000ක් සමග කන්ටේනර් රථ තුනක් ගබඩා සංකීර්ණයක තිබිය දී ඊයේ(18) පොලිස් භාරයට ගැණුනි.
බ්ලුමැන්ඩල් පොලීසියට ලද තොරතුරක් මත එම ප්රදේශයේ වාහන අංගනයක තිබී අඩි 40ක් දිගැති කන්ටේනර් රථ තුනක එම කහ තොගය සඟවා තිබිය දී මෙලෙස අත්අඩංගුවට පත්විය.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 10 දෙනෙකු බ්ලුමැන්ඩල් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ