රටටම ඇති පොදු ප්රශ්නය කිසිවෙකු වැඩ නොකිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ජනාධිපතිතුමා පැවසුවේ රාජ්‍ය හා , පෞද්ගලික දෙඅංශයේම මන්දගාමී ක්‍රියාකාරීත්වය කණගාටුවට කරුණක් බවයි.
කොළඹ නගරයේ සහ තදාසන්න නගර කිහිපයක සිදු කෙරෙමින් පවතින ඉදිකිරීම් සෑම දවසකම එකම මට්ටමක තිබීම ඊට නිදසුනක් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා අරඹා ඇති සියලු ඉදිකිරීම් කඩිනමින් නිම කළ යුතු බව ද සඳහන් කළා.
ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ