මංතීරු නීතිය අද සිට අකුරට ක්‍රියාත්මකයි. පෙරවරු 06 සිට 9 දක්වා සහ පස්වරු 4 සිට රාත්‍රී 08 දක්වා කාලය තුළ මංතීරු නීතිය පිළිපැදීම අනිවාර්ය කාරණයක් බවයි පොලිසිය පැවැසුවේ.
මංතීරු නීිතිය උල්ලංඝනය කරන රියදුරන්ගෙන් රුපියල් 2000 ක් ස්ථානීය දඩයක් අය කිරීමට පොලිසියට බලය පැවැරී තිඛෙනවා.
එමෙන්ම බරපතල වරදක් සිදුවුවහොත් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටද සිදුවන බවයි පොලිසිය පැවැසුවේ. රථවාහන තදබදය හා අනතුරු අවමකර ගැනීම මෙම වැඩපිළිවෙලේ අපේකෂාවයි.
මංතීරු නීතියට අනුව වම්පස මංතීරුව මගී ප්‍රවාහන බස්රථවලටත් ත්‍රීරෝද රථ හා යතුරුපැදි වෙනුවෙන් වෙන් කිරීමට පියවර ගෙන තිඛෙනවා.
කෙසේ වෙතත් මධ්‍ය මංතීරුවල රථවාහන අඩු අවස්ථාවල එම මංතීරුවල ධාවනය වීමටද ත්‍රීරෝද රථ හා යතුරුපැදිවලට අවස්ථාව ලබාදීමටයි පොලිසිය පියවර ගෙන තිඛෙන්නේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ