නව වන පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ පළමු රැස්වීම අද පැවැත්වීමට නියමිතයි.
මේ අනුව එහිදී කමිටුව වෙනුවෙන් සභාපතිවරයෙකු තෝරා පත්කර ගැනෙනු ඇති.
රාජ්‍ය ගිණුම් කාරක සභාව සාමාජික මන්ත්‍රිවරුන් විසි දෙදෙනා බැගින් සමන්විත වනවා.
මේ අතර කෝප් කමිටු රැස්වීම් මාධ්‍යයට ආවරණය නොකිරීමට රජය තීරණය කර තිබෙනවා.
අද පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ රටේ රාජ්‍ය නිලධාරීන් සහ විවිධ තනතුරු දැරූ නිලධාරීන්ගේ ආත්ම ගෞරවය රැකගැනීම සඳහා මෙම තීරණයට එළැඹ ඇති බවයි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ