නයිජීරියාවේ කොගී ප්‍රාන්තයේ දී ඉන්ධන බවුසරයක් පුපුරා යාමෙන් 23 දෙනෙක් මියගොස් තිබේ.
තවත් බොහෝ පිරිසක් බරපතල තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ. අනතුර සිදුව ඇත්තේ,කොහී ප්‍රාන්තයේ අතීශය කාර්ය බහුල අධිවේගී මාර්ගයකයි. මියගිය පිරිස අතර කුඩා ළමයින් ද සිටින බව වාර්තා වෙයි.
ලොකොජා අබුජා අධිවේගී මාර්ගයේ ධාවනය කෙරුණු ඉන්ධන බවුසරය පාලනයෙන් තොරව ගමන් කිරීම හේතුවෙන් මෝටර් රථ 5ක, යතුරුපැදි දෙකක හා ට්‍රයිසිකල් රථ තුනක ගැටී ඇති බව විදෙස් වාර්තාවල සඳහන්. අනතුරට පත් පිරිස කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගැනිණ.
මාර්ග නිසි ලෙස නඩත්තු නොකිරීම හා ප්‍රමිතීන්වල දුර්වලතා හේතුවෙන් නයිජීරියාවේ මහා මාර්ගවල මෙවැනි අනතුරු බහුලව සිදුව බව වාර්තා වෙයි.
More Stories
චීන රජය මියන්මාරයට ලබා දෙන දෙවන සහනාධාර තොගය හෙට පිටත් කෙරේ
ඇමරිකාවේ හොංකොං ප්‍රතිපත්ති පනත් වාර්තාව චීනය ප්‍රතික්ෂේප කරයි
තායිවාන දූපත ආසන්නයේ “Strait Thunder-2025A” නම් චීන හමුදා යුද අභ්‍යාසයක්