ඝාතනයට ලක්වූ ගොනා කෝවිල රොහාගේ ප්‍රතිවිරුද්ධ කල්ලි නායකයා වූ කුඩු අංජු ඉතාලියේ සිට රොහාගේ මළගෙදරට යන සියලුදෙනාම බාවන බවට අනතුරු හඟවා ඇත.
රොහාගේ මළ සිරුර තම බල ප්‍රදේශය වන ගල්කිස්සට රැගෙන නොඑන ලෙසත්, රෝහලේදීම මිනිය වළදමන ලෙසත් අංජු අනතුරු හඟවා ඇත.
මියගිය ගොනාකෝවිලේ රොහා නමැත්තාගේ ප්‍රතිවිරුද්ධ කල්ලියේ නායකයා බවටයි කුඩු අංජු හදුනාගෙන ඇත්තේ.
ගල්කිස්ස කුඩු පාතලයේ කිරුළ වෙනුවෙන් සටන් කළ ගොනා කෝවිලේ රොහාට එරෙහිව අංජු සටනට ප්රවිශ්ඨ වන්නේ තම සොහායුරා වන ලංසියා රොහාගෙන් ඝාතනය වීමත් සමග බව සඳහන්.
රොහාව ඝාතනය කරන ඕනෑම කෙනෙක්ට රුපියල් කෝටි 3ක් දෙන බවද අංජු මීට පෙර ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණා.
මේ අතර මෙම සිදුවීමත් සමග “කුඩු අංජු” නැමැත්තා විසින් හසුරුවනු ලබන බව සැළකෙන ෆේස්බුක් ගිණුමක සටහනක් තබමින් තර්ජනය කිරීමක් සිදු කර තිබෙනවා.
එමගින් ඔහු පවසා ඇත්තේ රොහාගේ මිනිය එම ප්‍රදේශයට ගෙන නොඑන ලෙසත්, රෝහල විසින් වළදැමිය යුතු බවත් සඳහන් කරමිනි. එසේම එසේ ගේන ඒමට සහය වන පුද්ගලයින් සහ අවමගුල් උත්සවයට සහභාගී වන පිරිස් ඝාතනය කරන බවට ද ඔහු තර්ජනය කර තිබෙනවා.
අංජු ඩුබායිවලට පැන ගොස් ඉන් පසු එයින් ඉතාලියට පැනගොස් තිබෙනවා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ