20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම් සළකා බැලීම හෙට (30) දිනය දක්වා කල් තැබීමට අගවිනිසුරුවරයා ප්රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර තිබෙනවා.
එම කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පාර්ශව 39 ක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබේ.
20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් සඳහා මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා ඇමතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ගාමිණි ලොකුගේ, මහාචාර්ය ජී.එල්. පීරිස්, නීතිඥ සාගර කාරියවසම්, පූජ්‍ය ඕමාරේ කස්සප, එම්.දයාරත්න, ඩබ්ලිව්.ඒ. ඩී. වීරතිලක, පී. ජී. බී. අබේරත්න යන අය විසින් අතරමැදි පෙත්සම් ද ඉදිරිපත් කර ඇත.
පෙත්සම් විභාගය ආරම්භ වු අවස්ථාවේ දී නීතිපති දප්පුල ද ලිවේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේ දී නව සංශෝධන කිහිපයක් හඳුන්වාදීමට රජය තීරණය කර ඇති බවත් එම සංශෝධන අඩංගු ලේඛනයක් මෝසමක් මාර්ගයෙන් අධිකරණය හමුවේ ගොනු කර ඇති බවද දන්වා සිටියේය.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනග ඊශ්වරන් මහතා කරුණු දක්වමින් එම සංශෝධන අඩංගු ලේඛනය පෙත්සම්කාර පාර්ශ්වය වෙතද ලබා දෙන ලෙස ඉල්ලීමක් කළේය.
ඒ අනුව අදාළ ලේඛනයේ පිටපත් පෙත්සම්කාර පාර්ශවය වෙතද ලබා දෙන ලෙස විනිසුරු මඩුල්ල නියෝග කළේය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්