කුවේටයේ රජු වන ෂෙයික් සබා අල් අහමඩ් අල් සබා මිය ගොස් ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 91 ක් .
ඔහුගේ 83 හැවිරිදි සහෝදරයා වන ඔටුන්න හිමි ෂෙයික් නවාෆ් අල් අහමඩ් කුමරු ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස කැබිනට් මණ්ඩලය විසින් නම් කර තිබෙනවා
විදෙස් වාර්තා පවසන්නේ , අසනීප තත්ත්වයෙන් පසු වූ අල් අහමඩ් රජු ජූලි මාසයේදී ශල්‍යකර්මයක් සිදු කිරීමට ඇමෙරිකාවට ගොස් ඇති බවයි.
ඔහු 2006 වසරේ සිට ගල්ෆ් අරාබි රාජ්‍යය පාලනය කර ඇති අතර වසර පනහකට වැඩි කාලයක් එරට විදේශ ප්‍රතිපත්තිය අධීක්ෂණ කාර්යයෙහි ද නිරතව සිට ඇතැයි විදෙස් වාර්තාවන්හි සඳහන්
1990-1991 කාල සීමාවේ පැවති ගල්ෆ් යුද්ධයෙන් පසුව රාජ්‍යයන් අතර සහයෝගය ඇති කිරීමට උත්සහ කිරීම හේතුවෙන් අහමඩ් රජු අරාබි රාජ්‍යතාන්ත්‍රිකභාවයේ පීඨාධිපති යන විරුධාවලියෙන් ද පිදුම් ලබා තිබෙනවා
සවුදි අරාබිය හා කටාර් වැනි රාජ්‍යයන් අතර පවතින ගැටුම්කාරී තත්වයන්වලදී අහමඩ් රජු මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කර ඇතැයි, විදෙස් වාර්තාවන්හි සඳහන් වෙනවා
More Stories
චීන රජය මියන්මාරයට ලබා දෙන දෙවන සහනාධාර තොගය හෙට පිටත් කෙරේ
ඇමරිකාවේ හොංකොං ප්‍රතිපත්ති පනත් වාර්තාව චීනය ප්‍රතික්ෂේප කරයි
තායිවාන දූපත ආසන්නයේ “Strait Thunder-2025A” නම් චීන හමුදා යුද අභ්‍යාසයක්