දිවයින පුරා ඇති ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක් රැස්කිරීමේ සතියක් ප්‍රකාශයට පත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
හුස්ම වැටෙන රටක් – විද්‍යුත් අපද්‍රව්‍ය තොර ශ්‍රී ලංකාවක් යන තේමාව යටතේ එම වැඩසටමන ක්‍රියාත්මකයි. නිවාසවල ගොඩ කසා ඇති විද්‍යුත් අපද්‍රව්‍ය තැපැල් කාර්යාල මට්ටමින් එකතු කිරීමට මේ යටතේ සැලසුම් කර තිබෙනවා.
එහි රසායනික ද්‍රව්‍ය හා උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ අජිත් විරසුන්දර මහතා සඳහන් කළේ, ලබන 5 වැනිදා සිට 10 වැනිදා දක්වා එම සතිය ක්‍රියාත්මක බවයි.
ඒ අනුව තැපැල් කාර්යාලවලට එම කසල ගෙනැවිත් භාර දිය හැකි බව ද ඔහු පැවසුවේ ය.
අජිත් වීරසුන්දර මහතා ප්‍රකාශ කළේ, අදාළ කසල විදේශයන්හීදි ප්‍රතිචක්‍රීයකරණයට සැලසුම් කර ඇති බවයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්