අධිකරණ කටයුතුවලට බාධා වන ආකාරය පුවතක් පළ කළේ යයි අත්අඩංගුව ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග ද අල්විස් ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා නියෝග කර ඇත.
පසුගිය අගෝස්තු මස 31 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මොහුව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ සැප්තැම්බර් 01 වැනිදාය.
ඔහුට එරෙහිව එම ඒකකය අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ චෝදනා වුයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111ඇ යටතේ අධිකරණයට බලපෑමක් වන ප්රවෘත්ති සිය වෙබ් අඩවියේ පළකිරීම, එම වෙබ් අඩවියේ ඇඞ්මින් (පාලක)වරයා ඔහු බව පිළිගැනීම හා පරිගණක අපරාධ පනතේ 6 වගන්තිය යටතේ රටේ පොදු යහපත අස්ථාවර කිරීමට කටයුතු කිරීමයි.
එහි අනුව සැකකරු රුපියල් 25,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සෑම සතියකම ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතු බවට ද ඔහුට නියෝග කළේය.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ