විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරමින් ගල්මුල් ප්‍රහාරයක් එල්ල කළ බවට වූ චෝදනා මත අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා ලබන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා.
ඒ, ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද පස්වරුවේ ලබා දුන් නියෝගයකට අනුවයි.
21 හැවිදි සහ 40 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ
ඊයේ (29) පස්වරුවේ සජිත් පේ‍්‍රමදාස මහතා මෙම ජනහමුව අමතමින් සිටියදී ගල් ප්‍රහාරය එල්ල විය.
වහා ක්‍රියාත්මක වූ ආරක්ෂකයන් සජිත් ප්‍රේමදාස මහතා ආවරණය කරගත්තද ඔහු නොනැවතී ජනහමුව ආමන්ත්‍රණය කළේය.
තමනට ගල් ප්‍රහාරය එල්ල වුව ද මදාවියන්ට තමන් කිසිදා බියෙන් ඇතැයිද ඔහු පැවසීය.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ