HIV හෙවත් ඒඩ්ස් රෝගයෙන් සුවය ලැබූ ලොව ප්‍රථම පුද්ගලයා වන තිමොති රේ බ්‍රවුන් පිළිකාවක් හේතුවෙන් මියගොස් තිබේ.
54 හැවිරිදි තිමති රේ බ්‍රවුන් 1996 වසරේදී HIV ආසාදිතයකු බව හඳුනාගෙන ගැණින.
2007 වසරේදී ඇමෙරිකාවේ රෝහලකදී ඔහු සුවය ලැබීය.
ඒ වෛද්‍යවරුන්ගේ දැඩි කැපවීම සමග සිදුකළ අඛණ්ඩ ප්‍රතිකාර හේතුවෙන්.
ඔහු සුවය ලැබූයේ ලොව පුරා HIV ආසාදිතයින් හට සිය ජීවිතය පිලිබඳ බලාපොරොත්තුවක් එක්කරමින්.
2007 වසරේදී ඔහුට මයිලොයිඩ් ලියුකේමියාව නම් රුධිර පිළිකාවක් ඇතිවිය.
මේ සඳහා එච්අයිවී ප්‍රථිරෝධී දුර්ලභ ජාන විකෘතියක් ඇති පුද්ගලයෙකුගෙන් ඇටමිදුළු බද්ධ කිරීමක් සිදුකෙරුනු අතර එයින් පසු බ්‍රවුන් මහතාගේ රුධිරයේ HIV මට්ටම හඳුනාගත නොහැකි තරමට පහත වැටිණි.
කෙසේවුවද ඒඩ්ස් සුවකිරීමට හේතුවූ ලියුකේමියා රෝගය මේ වසර මුලදී නැවතත් කොඳු ඇට පෙළට හා මොළයට පැතිර යෑම හේතුවෙන් බ්‍රවුන් මහතා දරුණු ලෙස රෝගාතුර විය.
ලියුකේමියාව සමග මාස පහක සටනකින් පසුව බ්‍රවුන් මහතා මියගිය බව වෛද්‍යවරු සඳහන් කළේය.
More Stories
ඩිමොක්රටික් පක්ෂයට සෙනෙට් සභාවේ බලය අහිමි වන ලකුණු
ඡන්ද දායකයින්ගෙන් හතරෙන් තුනක් පමණ ඇමරිකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳ සෘණාත්මක මතයක
චීන ජනපති Hubei පළාතේ නිරීක්ෂණ චාරිකාවක