පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරලිමෙන් එම බස් රථයේ ගමන් 48 දෙනෙකු දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පැවසිය.
අද (02) උදැසන 7 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් පොඩයිස් හරහා ඩයගම මාර්ගයේ පොඩයිස් වත්ත එන්සි කොටසදිය.
අනතුරෙන් පාසල් ළමුන් 30 දෙනෙකු සහ වැඩිහිටියන් 18 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් කියා සිටියේ.
ඩයගම සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථය මාර්ගයෙන් අඩි 25 පමණ ඉවතට පැන තිබේ.
එම මාර්ගය දැඩි ලෙස වලවල් හැරි තිබිම නිසා බස් රථය වලකට වැටි මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ.
තුවාල ලැබු පාසල් ළමුන් අවු 10 – 18 වයස්වල පසුවන ළමුන් බවද පැවසේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ