රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය ලබන සඳුදා (05) දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
තුන්වන දිනයේත් අද (02)කැඳවු අවස්ථාවේ දී පෙත්සම් 39ට අදාළ දේශන අවසන් කෙරුණි.
ඉන් අනතුරුව අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත රජය විසින් අත්තනෝමතික අයූරින් ඉදිරිපත් කළ කෙටුම්පතක් නොවන බව පැවසීය.
19 වන සංශෝධනය සම්මත කෙරුණේ ජනමත විචාරණයකින් තොරව යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එසේ තිබියදී වත්මන් 20වන සංශෝධන කෙටුම්පත ජනමත විචාරණයක් සඳහා යොමුකළ යුතුයැයි කීම තර්කානුකූල නොවන බවත් සඳහන් කළේය.
ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ නාමය සංශෝධනය කිරීම, ජාතික ධජය, ජාතික ගීය ආදී කරුණුවලදී පමණක් ජනමත විචාරණයකට යාම අවශ්‍ය වන බවයි. එමෙන්ම හදිසි පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය යළි හදුන්වා දීම සදහා අවශ්‍ය ප්‍රතිපාදන 20 වන සංශෝධනයෙන් ගෙනැවිත් ඇති අතර එය රටට අත්‍යවශ්‍ය වූවක් බව ඔහු ප්‍රකාශ කළා.
තවත් අතරමැදි පෙත්සමක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතා පැවසුවේ 19 වන සංශෝධනයෙන් ජනාධිපති සතු බලතලවලින් කොටසක් අග්‍රාමාත්‍යවරයා වෙත පැවරීම වැනි කරුණුවලදී ජනමත විචාරණයකට යොමු වූයේ නැති බවයි.
අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 20 වන සංශෝධන පනත් කෙටුම්පත විසින් කිසිදු ආකාරයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් නොකරන බවත්, එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් පමණක් සම්මත කළ හැකි බව සඳහන් කළේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වේ.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව