ශ්‍රී ලංකාවේ විශාලතම ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව අද (02) අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.
හෝමාගම,පිටිපන ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ උද්‍යානයේ පිහිටි මෙම කර්මාන්තශාලාව මොරිසන් සමාගමේ දෙවන නිෂ්පාදන කර්මාන්තශාලා පරිශ්‍රයයි.
වසර තුනකට පෙර ඉදි කිරීම් ආරම්භ කළ මෙම ආයතනයේ වැඩ අවසන් කිරීම සඳහා වැය කළ මුදල අමෙරිකන් ඩොලර් මිලියන 13.8 කි.
ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඖෂධ පෙති බිලියන 1.8 ක් ආනයනය කරන අතර මෙම ඖෂධ නිෂ්පාදන මධ්‍යස්ථානය මඟින් ඉදිරියේ දී එම දේශීය අවශ්‍යතාවයෙන් කොටසක් සපුරාලීමට නියමිතය.
මෙම නව කර්මාන්තශාලාවට වාර්ෂිකව ඖෂධ පෙති බිලියන5ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇති අතර ද්විත්ව වැඩමුර යටතේ උපරිම ධාරිතාවයෙන් ඖෂධ බෝතල් මිලියන10ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතී. එමගින් පුහුණු රැකියා 250කට අධික සංඛ්‍යාවක් නිර්මාණය කිරීමටද අපේක්ෂිතය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි, ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, කුසලතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නවෝත්පාදන රාජ්‍ය ඇමතිනී විශේෂඥවෛද්‍ය සීතා අරඹේපොළ සහ වෙළෙඳ අමාත්‍ය ලේකම් ආචාර්ය සුනිල් නවරත්න ඇතුළු කැබිනට් අමාත්‍යවරු සහ සම්භාවනීය අමුත්තෝ රැසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ