ශ්‍රී ලංකාව ආසන්නයේ දී ගිනි ගැනීමට ලක්වූ ‘නිව් ඩයමන්ඩ්‘ ඉන්ධන ප්‍රවාහන නෞකාව ශ්‍රී ලංකා මුහුදු කලාපයෙන් ඉවත් කර ගැනීමට අදාළ නෞකාව හිමි සමාගමට අවසරය ලබාදුන් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සදහන් කරයි.
මුදල් සහ අදාළ වන්දි ලබාදීමේ පදනම මත නෞකාව ඉවත් කර ගැනීමට අවසර දී ඇත.
ඒ අනුව මෙම නෞකාව දැනට පිහිටා ඇති මුහුදු කළාපයේ සිට යලිත් මැද පෙරදිග බලා රැගෙන යාමට අවශ්‍ය බව දන්වමින් නෞකාවේ හිමිකාරිත්වය දරණ සමාගම නාවික හමුදාව වෙත ” නෞකාව පිටතට රැගෙන යාමේ සැලසුම” දැනුම් දී ඇති බවත් ඊට නාවික හමුදාව අවසරය ලබාදී තිබෙනවා.
ශ්‍රී ලංකාව ආසන්නයේ දී ගිනි ගැනීමට ලක්වූ ‘නිව් ඩයමන්ඩ්‘ නෞකාවේ ගින්න නිවීම සඳහා වැය වූ මුදල සහ නෞකාවෙන් කාන්දු වූ ඉන්ධන හේතුවෙන් සිදුවූ පරිසර දූෂණයට අදාළ වන්දි ගෙවීමට නෞකාව හිමි සමාගම එකඟතාව පළ කර තිබුණි.
රුපියල් මිලියන 440 ක මුදලක් ශ්‍රී ලංකා රජයට ගෙවීම සඳහා එම සමාගම එකඟතාව පළ කළ බව නීතිපති දෙපාර්තමේන්තුව පසුගියදා ප්‍රකාශ කළේය.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ