බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ආමි සමන්තගේ බිරිඳ හෙරොයින් සමඟ දිවුලපිටිය – කෙහෙල්ඇල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම කාන්තාව ඊසිකෑෂ් ක්‍රමයට හෙරොයින් අලෙවි කිරීමේ ජාවාරමක නිරතවී ඇති අතර, ඊට අදාළව මීට මාස එකහමාරකට පෙර සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔවුන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි මෙම කාන්තාව ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.
40 හැවිරිදි සැකකාරිය සතුව තිබී රුපියල් ලක්ෂ 24 ක මුදල් සහ හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 540 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ