පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා.
ඒ, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු සහ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු විග්රහ කරමින්.
එම අඩුපාඩු විසඳාගත හැකි විකල්ප ද එම ලිපිය මගින් අවධාරණය කර ඇතැයි සඳහන්.
අදාළ සංශෝධන සිදුනොවන්නේ නම් මහජන පරමාධිපත්‍යයට ගරුකරන්නෙකු ලෙස 20 වැනි සංශෝධනයට සහාය දිය හැකිද යන ප්රශ්නය තමන්ට උද්ගත වන බවයි ඔහු සිය ලිපිය මගින් සඳහන් කර ඇත්තේ.
එමෙන්ම, වත්මන් ජනාධිපතිවරයා 20 වැනි සංශෝධනයේ බලතල භාවිතයේදී රටට හානියක් සිදු නොකරතත් ඉදිරි කාලයේදී ප්‍රශ්න ඇති විය හැකි බවද විජේදාස රාජපක්ෂ මහතා සිය ලිපියෙන් අවධාරණය කරනවා.
ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා 20 වැනි සංශෝධනය පිළිබඳ නිල වශයෙන් මතයක් ඉදිරිපත් කළ ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ