පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගැනුණු ඇතැම් සැකකරුවන් හිටිහැටියේ නිදහස් කිරීම පිළිබද සිය විරෝධය පළ කරන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
උන්වහන්සේ පෙන්වාදෙන්නේ මෙලෙස පුද්ගලයින් නිදහස් කිරීම කිරීම පිටුපස දේශපාලන ගණුදෙනුවක් ඇතැයි තමන්ට සැක සිතෙන බවය.
අද (03) පෙරවරුවේ කොළඹ අගදරගුරු නිල නිවසේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මේ බව සඳහන් කළහ.
මෙහිදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට ද පිළිතුරු දෙමින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුවේ ආදාළ පරීක්ෂණ කටයුතු නිසි පරිදි සිදු කරන ලෙසය.
එමෙන්ම මෙම පුද්ගලයින්ට විරුද්ධව සාක්ෂි තිබෙන බව මාස කිහිපයකට පෙර ආරක්ෂක අංශ ප්‍රධානින් පැවසු බවත් එවැනි තත්ත්වයක් තිබීයදී එම සැකකරුවන් නිදහස් කිරීම කණගාටුදායක බවද උන්වහන්සේ පැවසූහ.
කෙසේවුවද, පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්යක්ෂ ජාලිය සේනාරත්න මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දින 168ක් පමණ රඳවා තබාගනු ලැබූ රියාද් බදියුදීන් මුදාහැරුණේ ඔහුට එරෙහිව සාක්ෂි නොමැති නිසා බවයි.
රිෂාද් බදියුදීන්ගේ සහෝදරයෙකු වන රියාද් බදියුදීන් පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධව සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම වසරේ අප්‍රේල් 14 වනදා අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහුව පුත්තලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව සිදුකෙරෙන විමර්ශනවලට අදාළවය.
රියාද් බදියුදීන් එක් බෝම්බකරුවෙකු සමඟ සෘජු සබඳතා පවත්වා තිබූ බවටත්, එක් බොම්බකරුවෙකු සමඟ බෝම්බ පිපිරීමට ආසන්න කාලයේ දී එක්තරා ප්‍රසිද්ධ හෝටලයක එකට සිට සාකච්ඡා කර ඇති බවත්, ඔහුව අත්අඩංගුවට ගත් අවස්ථාවේදී පොලිසිය පැවසීය.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ