දිනෙන් දින සිදුවන පරිසර විනාශයන් සම්බන්ධයෙන් දඹාන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ තම අදහස් පළ කළේ ය.
මේ වනවිට රටපුරා මහා පරිමාණයෙන් පරිසර විනාශ සිදුවන බවත්, ඒ පිළිබඳව වැඩිම වේදනාවක් තිබෙන්නේ නිරන්තරයෙන් පරිසරය සමග ගනුදෙනු කරන ආදිවාසීන්ට බවත් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ පවසනවා.
අද (03) මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකට පිළිතුරු දෙමින් ආදිවාසී නායකයා ප්‍රකාශ කළේ රටේ පරිසර සම්පත රැක ගැනීම වෙනුවෙන් සියලු දෙනාම වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි. සොබාදහම රැක ගැනීම සියලු දෙනාගේම වගකීම බවද ඔහු අවධාරණය කරනවා.
”පරිසරයේ වටිනාකම අපිට තමයි තේරෙන්නේ. මොකද අපි තමයි කැළෑවේ ජීවත් වෙන්නේ. ආදායම් හොයන්න ඕන වුණාම සොබා දහම පරිසරය විනාශ කරලා හරි ඒක කරනවා. ලෝකය දියුණු වීමේ ප්‍රතිඵලේ තමයි මේ. හැබැයි ඒකට සොබා දහමත් උත්තර දෙන්න පටන් අරං තියෙනවා. කාලෙකට හොඳටම වහිනවා. කාලෙකට හොඳටම පායනවා. නාය යනවා සුළි සුළං එනවා අකුණු වදිනවා. ඉතිං ඒ වැරදි නිසා තමයි සොබා දහමෙන් දඬුවම් දෙන්නේ.”බව ඔහු පැවසුවා.
20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් අදහස කුමක්දැයි මාධ්‍යවේදීන් ආදිවාසී නායකයාගෙන් විමසූ අතර ඊට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ ඒ පිළිබඳව කතා කිරීමට තරම් දැනුමක් හෝ කැමැත්තක් තමාට නොමැති බවයි. ඊට වඩා වැදගත් වන්නේ රටපුරා සිදුවන පරිසර විනාශය හා එම විනාශය නැවැත්වීම සඳහා සිදුකරන මැදිහත්වීම බවද ඔහු පවසනවා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ