නව කොරෝනා වෛරසය ආසාදිත කාන්තාව හමුවු මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාව අයත් වන බ්‍රැන්ඩික්ස් සමුහය ඒ සම්බන්ධයෙන් නිවේදනයක්
නිකුත් කර තිබෙනවා.
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් අප නිෂ්පාදන කම්හලේ ඇඟලුම් සේවිකාවකට COVID-19 ධනාත්මකවී තිබේ.
අප ආයතනය හරහා කරන ලද දැනුවත්කිරීම සහ සෞඛ්‍ය බලධාරීන්ගෙන් ලැබුණු ක්ෂණික ප්‍රතිචාරය සහ සහයෝගය නිසා රෝගියා කල්තියා හඳුනා ගැනීමට හැකි වූ අතර, ක්ෂණික ප්‍රතිකාර සඳහා අයිඩීඑච් වෙත මාරු කිරීම සහ තවදුරටත් පැතිරීම අවම කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.
අදාළ බලධාරීන් වෙනුවෙන් අපගේ උපරිම සහයෝගය ලබාදෙමු. බලපෑමට ලක් වූ වැඩබිම දැඩි ලෙස විෂබීජ හරණය ඇතුළුව වෛරසය සම්පූර්ණයෙන් පාලනය කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ක්ෂණිකව ක්‍රියාත්මක කර ඇත. රෝගියා සමඟ සම්බන්ධ වී සිටි අනෙකුත් සේවකයින් 40 දෙනා ඔවුන්ගේ පවුල් සමඟ වහාම නිරෝධායනය කර ඇති අතර වැඩිදුර පියවර සඳහා PCR පරීක්ෂණ වලට යොමු කර ඇත.
අදාළ බලධාරීන්ගේ ඉක්මන් ප්‍රතිචාරය සහ මෙම කාලය තුළ අඛණ්ඩව ලබා දුන් සහයෝගය පිළිබඳව අපි කෘතඥ වෙමු. අපගේ සේවකයින්ගේ සහ ඔවුන්ගේ ප්රජාවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම අපගේ උපරිම ප්‍රමුඛතාවය ලෙස තබා ගනිමින් සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කර අපගේ ක්‍රියාමාර්ග දිගටම කරගෙන යනු ඇත.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ