පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරියාව සිටි විශ්‍රාමික ජ්‍යෙස්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතාට නොතීසි නිකුත් කිරීමට මෙම ත්‍රස්ත ප්‍රහාරය පිළිබද කරුණු සොයා බලන ජනාධිපති කොමිසම තීරණය කළා.
ඒ ඔහු මීට පෙර සහ අද දිනයේ කොමිසම හමුවේ ලබාදුන් සාක්ෂි අතර පරස්පරතාවක් පැවතීම හේතුවෙනුයි.
විශ්‍රාමික ජ්‍යෙස්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා සාක්ෂි ලබාදීම සදහා ජනාධිපති කොමිසමට අද පැමිණියේ දෙවන දිනටයි.
පාස්කු ප්‍රහාරයට පෙර දින එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා සමග පැවැත්වූ මිනිත්තු පහලොවක් පමණ වූ දුරකථන සංවාදය පිළිබදව මෙහිදී ඔහුගෙන් ප්‍රශ්න කෙරුණා.
රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා ඔහුගෙන් ප්‍රශ්න කළා.
පිළිතුර – පානමුණේ යතුරුපැදි පිපිරීම සම්බන්ධයෙන් නිලන්ත ජයවර්ධන මහත්තයා මගෙන් කරුණි විමසීමක් කරලා තිබ්බා.
මම 20 සවස කතා කරලා නිලන්තට කිව්වා මේක ප්‍රභූ කණ්ඩායමක් හෝ මහජනයා විශාල වශයෙන් ගැවසෙන ස්ථානයක් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට කරන ලද පෙර පුහුණුවක් කියලා.
“ප්‍රශ්නය – ” අදාළ දුරකතන සංවාදයේදි එම අවස්ථාව වන විටත් නිලන්ත ජයවර්ධන මහතාට ලැබි තිබු හෙට හෝ ඊට පෙර ප්‍රහාරයක් එල්ල වනවා යැයි වූ තොරතුර පිළිබද ඔබව දැනුවත් කර තිබුණේද පිළිතුර – ” නැහැ ස්වාමිනි දැනුවත් කළේ නැහැ.
මට මේක දැනුම්දුන්නානම් ප්‍රහාරය වැලැක්වීම සදහා විශාල පියවරක් ගන්න තිබ්බා. මේක නිශ්චිත තොරතුරක්. ත්‍රස්තවාදය මර්ධනය පිළිබද එස්.ටී.එෆ් දන්න උපක්‍රම ක්‍රියාමාර්ග ගන්න තිබ්බා.
නමුත් අප්‍රේල් 09 පළමු විදෙස් බුද්ධි තොරතුර ලැබුනට පස්සේ අප්‍රේල් 21 ප්‍රහාර වෙනකම්ම මට කිසිම තොරතුරුක් ලැබි තිබුණේ නැහැ.
මෙහිදි කොමිසමේ සමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා ප්‍රශ්න කර සිටියේ,” 21 න් පස්සේ වත් නිලන්ත ජයවර්ධන මහත්තයාගෙන් ඇහුවේ නැද්ද ඇයි මේ තොරතුර ඔබට ලබා නොදුන්නේ කියලා “පිළිතුර – ” නැහැ මම නිලන්ටගෙන් ඇහුවේ නැහැ. එත් 21 සවස ඉන්දියානු තනාපති කාර්යාලයේ පොලිස් නිලධාරියෙක් ප්‍රහාරයට පෙර දිනයේ ලබා දී තිබු නිශ්චිත බුද්ධි තොරතුර මට පෙන්නුවා.
මට ඒ වෙලාවේ ඒ තොරතුර මට නොලැබීම ගැන ලොකු කණගාටුවක් ඇති වුණා.
පස්සේ 22 උදේ ජාතික ආරක්ෂක කවුන්සලයේ රැස්වීමට මම ගියා. එතනදි ප්‍රහාරය සම්බන්ධයෙන් සැක පළකරන අන්තවාදින් 98 දෙනෙක්ගේ නාම ලේඛනයක් ඉදිරිපත් වුණා.
රැස්වීමෙන් පස්සේ මම නිලන්තගෙන් ඇහුවා ඇයි මේ තොරතුරු ගැන STF එක දැනුවත් නොකළේ කියලා.
නිලන්ත මට කිව්වා සාක්ෂි තිබුණේ නැහැ එකයි මම දැනුවත් නොකළේ කියලා.
මම අනිත් පැත්තට කිව්වා සාක්ෂි නොතිබුණාට තිබුන දත්ත වලින් මේ සිද්ධිය වලක්වාගන්න සෑහෙන දෙයක් අපිට කරන්න තිබ්බා කියලා.
මම මේවා කියද්දි නිලන්ත කිසිවක් නොකියා නිහඩව සිටියා.
මට ඒ නිහඩතාවයෙන් හැගුණා නිලන්තගේ අතින් ප්‍රබල අතපසුවීමක් වෙලා තියෙනවා කියලා. ” යැයි ලතිෆ් මහතා කරුණු පැහැදිලි කළා.
මෙහිදි ජනාධිපති කොමිසමේ සමාජිකා හිටපු අමාත්‍යාංශ ලේකම්වරිය විමසා සිටියේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ල වන අවස්ථාව වන විට පොලිස් විශේෂ කාර්යය බලකායට අයත් කදවුරු කොපමණ ප්‍රමාණයක් නැගෙනහිර පළාත තුළ ක්‍රියාත්මක වන්නේද යන්නයි.
එයට පිළිතුරු දෙමින් ලතිෆ් මහතා කියා සිටියේ වව්නතිව්, කලවන්චිකුඩි, මල්වත්ත, මහඔය, ලාහුගල, අම්පාර සහ ආරුගම්බේ යන ප්‍රදේශ වල කදවුරු 07 ක් පැවති බවයි.
ප්‍රශ්නය – අප්‍රේල් 09 විදෙස් බුද්ධි තොරතුර ඔබ අතට ලැබීමෙන් පසු ඒ පිළිබද සොයා බලන ලෙස නැගෙනහිර පළාතේ පොලිස් විශේෂ කාර්යය බලකා කදවුරු දැනුවත් කළේද ” ඔව් මම දැනුවත් කළා.
විමර්ශනයක් කරලා වාර්තා කරන්න කියලා දැනුම් දුන්නා.
සමාන්‍යයෙන් අපි විමර්ශනයක් කරලා වාර්තාවක් කරන්න දින 10 කට වඩා කල්දෙනවා.
ඒ හින්දා වාර්තාව එවන්න කියලා මම දින දුන්නේ අප්‍රේල් 23 වෙනිදාට.
අවාසනාවකට ඒ වෙද්දි ප්‍රහාරය සිදුවෙලා ඉවරයි ”
ප්‍රශ්නය – 2017 වර්ෂයේ අල්ලියාර් මන්සන්දියේ ගැටුමෙන් පසු නැගෙනහිර පළාතේ සිටි පොලිස් විශේෂ කාර්යය බලකා බුද්ධි අංශ විසින් සහරාන් ඇතුළු අන්තවාදින් කණ්ඩායම පිළිබද විමර්ශන සිදු කළේ නැද්ද පිළිතුර – ” පොලිස් විශේෂ කාර්යය බලකා බුද්ධි අංශ තියෙන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු සොයන්න නෙමේ.
ඒකට රටේ බුද්ධි තොරතුරු රැස්කිරීමේ ප්‍රධාන ආයතනය වන රාජ්‍ය බුද්ධි සේවය ඉන්නවා, එයාලා බුද්ධි තොරතුරු එවපුවාම ඒ සම්බන්ධයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කරන්න සහ ඒ මෙහෙයුම් සැලසුම් කරන්න තමයි පොලිස් විශේෂ කාර්යය බලකා බුද්ධි අංශ ඉන්නේ. ”
මෙහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කළේ ” ඔබ ඔය කියන්නේ STF බුද්ධි අංශ ඉස්ලාම් අන්තවාදය පිළිබද විමර්ශන කළේ නැහැයි කියන එකද ? යන්නයි.
එයට ලතීෆ් මහතා ඔව් යනුවෙන් පිළිතුරු දුන්නා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ