කොරෝනා ප්‍රතිකාර සඳහා යන වියදම් චීනය ගෙවිය යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
පැය 24 ක් තුළ ඩොනල්ඩ් ට්‍රම්ප් කිසිදු කොරෝනා රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකළ බව ඔහුගේ වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබෙනවා. ඉන් අනතුරුව ධවල මන්දිරයේ සිය නිල කාර්යාලයේදී රාජකාරී කටයුතු යළි ආරම්භ කිරීමට පෙර අමෙරිකානු ජනාධිපතිවරයා සමාජ මාධ්‍යයට වීඩියෝ පටයක් නිකුත් කර තිබුනා.
“මට ලබාදුන් ඖෂධ හැමෝටම ලබා දෙන්න ඕන. මට දැන් හොඳටම හොඳයි. මං හිතන්නේ කොරෝනා ආසාදනය වීම මට දෙවියන් දුන් තිළිණයක් කියලා. මම කැමතියි ඒ ඖෂධය අනෙක් කොරෝනා රෝගීන්ටත් ලබා දෙනවා නම්. අපි ඔබට ඒ ඖෂධය නොමිලේ ලබාදෙන්න උත්සහ කරනවා. ඒ වෙනුවෙන් ඔබ ගෙවීමක් කරන්න අවශ්‍ය නෑ. මොකද එය ඔබේ වරදක් නෙවෙයි. එය චීනයේ වරදක්. ඒ නිසා අපේ රටට කරලා තියෙන විනාශය වෙනුවෙන් චීනය විශාල මුදලක් ගෙවිය යුතුයි. ඒ නිසා අපි ඒ ඖෂධය ඔබට නොමිලේ ලබාදෙනවා. මම නැවතත් කියනවා. මේක චීනයේ වරදක්”
More Stories
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්
චීන – කාම්බෝජ මිතුදම චීන ජනපති ඉහළින් අගය කරයි