පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුගේ ඥාතියෙකුට කෝවිඩ් 19 වැළඳී ඇතැයි විවිධ මාධ්‍ය සහ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ පළ වන ප්‍රචාරවල සත්‍යතාවක් නැතැයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.
පාර්ලිමේන්තුවේදී අද (08) රැස්වීම අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා මහතා විසින් මතු කරන ලද ප්‍රශ්නයකට කථානායකවරයා විසින් පිළිතුරු ලබා දෙමින් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙලෙස සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කර ඇති බවයි.
එහිදී ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අවධාරණය කරනු ලැබුවේ බත්තරමුල්ලේ පිහිටි රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන පාර්ලිමේන්තු කටයුතු අංශයේ සේවකයෙකුගේ ඥාතියෙකුට කෝවිඩ් වැළඳී ඇති බවට සැකයක් පවතින බැවින් එම කාර්යාලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු අනෙකුත් පුද්ගලයන්ට ඊයේ දිනයේදී ඇතුළුවීමට අවකාශ ලබා දී නොමැති බවයි.
එසේ හෙයින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුගේ ඥාතියෙකුට කෝවිඩ් 19 වෛරසය වැළඳී ඇති බවට පළවන වාර්තා වල සත්‍යතාවක් නොමැති බවයි වාර්තා වන්නේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ