බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින මාස 10 ක් වයසැති කුඩා බිලිදෙකුට කොවිඞ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. පසුගිය 7 වනදා මෙම බිලිදා උණ රෝගය වැලදීම හේතුවෙන් රෝහල් ගත කර ඇති අතර එහිදී සිදුකළ පී සී ආර් පරීක්ෂණයකින් අනතුරුවයි බිලිදාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ.
මේ අනුව මෙම බිලිදා මේ වන විට අංගොඩ අයි ඩී එච් උණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. මේ අතර රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන මාස 5 ක් වයසැති කුඩා දරුවෙකුගේ පියෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සඳහන් වනවා.
අදාළ දරුවා මාස දෙකක කාලයක සිට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර සැත්කමක් සඳහා හෙට දිනයේ දී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව සිට ඇති බව සඳහන්.
මේ අනුව දරුවන්ගේ දෙමාපියන්ගේ සිදුකළ පී සී ආර් පරීක්ෂණවලදී පියාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
ඔවුන් මහනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් වන අතර බිලිදාගේ අසනීප තත්ත්වය හේතුවෙන් කොටිකාවත්ත ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිට ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ