ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයින් දෙපළක් වන තිසර පෙරේරා හා දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මේජර්වරුන් ලෙස අධිකාරියට උසස් කර තිබේ.
ඒ, අද ( 09 ) පෙරවරුවේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේදීය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවට අනුයුක්තව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වූ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් දෙපල වෙත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සුරතින් නිල ලාංඡන පැළඳවීමෙන් අනතුරුව ඔවුන් දෙපලගේ ඉදිරි අනාගතය සඳහා සිය සුබපැතුම් ද යුද්ධ හමුදාපතිවරයා පිරිනැමුවා.
මේ වනවිට මේජර් තිසර පෙරේරා ගජබා රෙජිමේන්තුව නියෝජනය කරමින් ද මේජර් දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා යුධෝපකරණ බලකාය නියෝජනය කරමින් ද යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම වෙත සිය දායකත්වය ලබාදෙනවා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ