මිනුවන්ගොඩ පොකුර ආශ්‍රයෙන් කොරෝනා ආසාදිතයින් 30 දෙනෙකු ඊයේ හදුනා ගැනුණි.
ඒ අනුව මිනුවන්ගොඩ පොකුරෙන් මේ වනවිට වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 1083කි.
මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4523 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ආසාදිතයින් 3296 දෙනෙකු සුවය ලබා ඇති අතර තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 1214 කි.
මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ රෝගීන්ගෙන් බහුතරයක් රෝගී ලක්ෂණ වලින් තොරව වාර්තා වී ඇති බව, සෞඛ්‍ය අංශ පවසයි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ