කොවිඩ් ආසාදිත දෙදෙනෙක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගිහින්

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි පුද්ගලයන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

ඔවුන් පරීක්‍ෂා වලින් පසු මේ වන විට රඹුක්කන රෝහලට ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ.

එම පුද්ගලයන් දෙදෙනා දුනගහ, ඉදුරාගාර ප්‍රදේශයේ සහ දිවුලපිටිය, බටපොල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු බව හඳුනාගෙන තිබේ.

මෙම පුද්ගලයන් දෙදෙනා බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයෙකු සමග කතරගම ප්‍රදේශයේ සංචාරක කර ඇති බවත් බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයා හට කොරෝනා වෛරසය ශරීරගත වී ඇති බව දැන ගැනීමෙන් පසු මෙම පුද්ගලයන් දෙදෙනා ගේද PCR පරීක්ෂණය සිදු කර තිබේ. එහිදී එම දෙදෙනාටම වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය කරගෙන තිබේ.

මෙම පුද්ගලයන් දෙදෙනා පසුගිය 04 වන දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ පෙරවරු 08 සිට පස්වරු 4.30දක්වා කාලයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් අසූවකට ගමන් කොට ඇති බව ප්‍රශ්ණ කිරීම්වලදී හෙළිදරව් කරගෙන තිබේ.

මෙම තොරතුරු අනාවරණය වීමත් සමග දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස්.පි.එදිරිසිංහ විසින් දඹුල්ල මහ නගර සභාව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය කළමණාකරන භාරය දැනුවත් කොට තිබේ.

මෙවැනි බරපතළ තත්ත්වයක තිබියදී අද (11) දින පස්වරුවේ පෙරවරුවේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත කර තිබේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com