හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතාව කන්කසන්තුරේ කොට්ඨාශය වෙත මාරුකර යවා තිබෙනවා.
පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාශයේ අධ්යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක වශයෙන් කටයුතු කළ ඒ මහතාව මෙසේ උතුරු පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර තනතුරට මාරුකර යවා ඇත්තේ විනය හේතූන් මත බවයි පොලිස් දෙපාර්තමේන්තුව පවසන්නේ.
ඒ මහතාගෙන් පුරප්පාඩු වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර සඳහා යළිත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාව පත්කර ඇත.
නියෝජ්‍ය පොලිස්පතිවරුන් 10ක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක්, පොලිස් අධිකාරීවරයෙක් මෙන්ම සහකාර පොලිස් අධිකාරීවරුන් 3 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව