ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියො මේ මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරනවා.
පසුගිය වසරේ දී කල් දැමුණු ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය මේ මාසයේ ඔක්තෝම්බර් 27 වන දින සිදුවනු ඇති බවයි එම පුවත්පතේ සඳහන් වන්නේ.
එමෙන්ම, 2015 වසරේ දී ජෝන් කෙරී පැමිණීමෙන් පසුව, ශ්‍රී ලංකාවට පැමිණෙන එක්සත් ජනපදයේ ඉහළම රාජ්‍ය නිළධාරියා වන්නේ මයික් පොම්පියෝ ය.
එහිදී ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමගත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමත් සාකච්ඡා පැවැත්නීමට නියමිත අතර එහිදී විශේෂයෙන් ඩොලර් මිලියන 480ක් ප්‍රදානයක් සඳහා වූ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුම පිළිබඳවත් ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අත අත්සන් කිරීමට යෝජිත ආරක්ෂක ගිවිසුම් පිළිබඳවත් සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ