ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තවත් සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
ඒ, පසුගිය සෙනසුරාදා හඳුනාගත් පානදුර පදිංචි කොරෝනා ආසාදිත ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමණාකරණ පීඨයේ ඉගෙනුම ලබන තුන්වන වසර සිසුවිය සමඟ පෞද්ගලික නවාතැනේ නතරවී සිටි මිතුරියටයි.
මේ අතර අදාළ සිසුවියන් නතරවී සිටි නිවස හිමි කාන්තාව සහ පිරිමි පුද්ගලයාගේද PCR පරීක්ෂණ සිදුකළ අතර, එහිදී අනාවරණ වී ඇත්තේ ඔවුන්ට කොරෝනා ආසාදනය වී නොමැති බවයි.
නමුත් ඔවුන් දෙදෙනාද තවදුරටත් දින 14ක ස්වයං නිරෝධායනයකට ලක් කර තිබෙනවා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ