ඒකාධිපතිවාදයට පාර කපන 20 වන සංශෝධනය අක්‍රිය කළ යුතු බව ශ්‍රී ලංකා අමරපුර-රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව නිවේදනය කර සිටී.
මෙම සංශෝධනය හරහා මිනිස් චින්තනයේ නිදහසටත් ක්‍රියාකාරීත්වයටත් බරපතල ලෙස බාධා කරන, නොදියුනු ගෝත්‍රික සමාජයක් කරා ආපසු ගමන් කරන මාවතක් වැටී ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
19 වැනි සංශෝධනය හරහා රටේ යහපැවැත්ම සහ ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය තහවුරු කරන කරුණු කිහිපයක් සම්මත වූ බව පෙන්වා දෙන සංඝ සභාව පවසන්නේ එම කරුණු 20 වැනි සංශෝධනය හරහා අහෝසි කිරීමට කිසිසේත්ම එකඟ විය නොහැකි බවයි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ