මධ්‍යම අප්‍රිකාවේ කුඩා රාජ්‍යයක් වන රුවන්ඩාව මිට දශකයකට පෙර මිනී කන දේශයක් මෙන්ම ගෝත්‍රික ගැටුම් නිසා ලක්ෂ ගණනින් මිනිසුන් මරාගත් මිනිස් වාසයට නුසුදුසු රටක් ලෙස හදුන්වනු ලැබුවා.
නමුත් අද වන විට සමාජ හා ආර්ථිකමය වශයෙන් දියුණු මට්ටමක පවතින රුවන්ඩාව වර්තමානයේ හදුන්වන්නේ අප්‍රිකාවේ සිංගප්පූරුව ලෙසයි.
අපනයනය අංශය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති රුවන්ඩාව ගංජා වගා කර ඒවා අපනයනය කිරීමට තීරණය කර තිබෙනවා.වේගයෙන් වර්ධනය වන ඇමරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපීය සංගමයේ වෙළඳපොලවල් ඉලක්ක කර ගනිමින් මෙම අපනයනය සිදු කිරීමට අපේක්ෂා කෙරේ.නමුත් දේශීය වශයෙන් ගංජා පරිභෝජනය හා බෙදා හැරීම සම්පූර්ණයෙන්ම තහනම් බවයි එරට රජය ප්‍රකාශ කරන්නේ.
මේ වන විටත් නැගෙනහිර අප්‍රිකානු සමාගම්, මහා පරිමාණ නිෂ්පාදන කටයුතු සදහා ආයෝජනය කිරීමට එකග වී ඇති බව ද එරට රජය පවසනවා.
රට තුළ ගංජා වගා කිරීමට බලපත්‍රයක් ලබා ගත යුතු බවත්,දේශීය පරිභෝජනය වැළැක්වීමට විධිමත් ආරක්ෂණ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක බව රුවන්ඩා රජය ප්‍රකාශ කරනවා.
ගංජා නිෂ්පාදනය කිරීමේ රජයේ ස්ථාවරය සඳහා සිය පූර්ණ සහාය ලබා දෙන බවත්,එය සම්පූර්ණයෙන්ම නීතිගත කළ යුතු බවට තමන් විශ්වාස කරන බව ද රුවන්ඩා විපක්ෂ නායක ෆ්රෑන්ක් හබිනේසා ප්‍රකාශ කරනවා.
මේ අතර පසුගිය වසරේ ගෝලීය ගංජා වෙළඳපොළ වටිනාකම ඩොලර් බිලියන 150 ක් බව බාර්ක්ලේස් බැංකුව වාර්තා කරනවා.
-ධීරේ
More Stories
චීන-බ්‍රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්‍රසීල සංචාරය
වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්