මුදල් තැන්පත් කිරීමේ දී සැලකිලිමත් වන්න

මුදල් ව්‍යාපාර පනතේ ප්‍රතිපාදන අනුව බලපත්‍රලාභි මුදල් සමාගම් නියාමනය හා අධීක්ෂණය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අඛණ්ඩවම සිදු කරනු ලබයි.එසේ වුව ද එම ආයතනවල අසාර්ථක වීම් අනිවාර්යයෙන් වළක්වන බවට බැදීමක් පවතින බව එයින් අදහස් නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

එමෙන්ම බලපත්‍රලාභි මූල්‍ය සමාගමක තැන්පතු පිළිබඳ සහතික වීමට ශ්‍රී ලංකා මහ බැංකුවට නෛතික බලයක් ද නොමැත.නමුත් සෑම මාස හයකට වරක්ම එම මූල්‍ය ආයතනවල තොරතුරු හා දර්ශකයන් මහජනතාවට ඉදිරිපත් කිරීමට මහ බැංකුව බැදී සිටී.ඒ මහජනතාවට ආයෝජන තීරණ ගැනීම පහසු කරවීම හා මහජනතාවගේ අරමුදල් සුරක්ෂිතතාවය සදහා ය.

මෙවර ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කළ වාර්තාවේ, සිය අවම ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අවශ්‍යතා සපුරා නොමැති බලපත්‍රලාභි මූල්‍ය සමාගම් 8 ක් ප්‍රකාශ කර ඇත.එම ආයතන වන්නේ,
*ආර්පිකෝ ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී
*ඇසෝෂියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී

  • කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ්
    *බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී
    *මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී
    *යූ බී ෆිනෑන්ස් කම්පැනි ලිමිටඩ්
    *රිචඩ් පීරිස් ෆිනෑන්ස් ලිමිටඩ් *සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී

එමෙන්ම , බලපත්‍රලාභී මුදල් සමාගමක් වන “නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී”ආයතනය සිය අවම ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අවශ්‍යතා සපුරා නොමැති බවත්, ප්‍රාග්ධනය වර්ධනය කිරීමේ පිළිගතහැකි සැලැස්මක් ඉදිරිපත් කර නොමැති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසනවා.

තැන්පත්කරුවන්ට සැලකිය යුතු බලපෑමක් ඇති කරන බැවින් මෙම සමාගම් පිළිබඳ ප්‍රකාශ කර ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.

-ධීරේ –

WP Twitter Auto Publish Powered By : XYZScripts.com