එක්සත් ජාතික පක්ෂයට සිදු වූ දේ වර්තමාන රජයටද සිදුවීමේ අනතුරක් පවතින බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අවධාරණය කළා.
ඔහු පෙන්වා දෙන්නේ රිෂාඞ් බදියුධීන් අත්අඩංගුවට ගැනීම වැනී අතැම් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනතාවද ප්‍රශ්න කරමින් සිටින තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි.
කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විදුර වික්‍රමනායක මහතා මේ බව ප්‍රකාශ කළා.
එහිදී ඒ මහතා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට මෙසේ පිළිතුරු ලබා දුන්නේය.
“ඒ පොලිස් කණ්ඩායම් 6 හොයන්න තවත් පොලිස් කණ්ඩායමක් දාන්න වෙයි. මේවා නරි නාටක. එච්චරයි. නර නාටක මහත්තයෝ නර නාටක. රවී කරුණානායකවත් හෙව්වා. රාජිත සේනාරත්නවත් හෙව්වා. දැන් හොයනවා මේගොල්ලන්ව. කාටද මේ විහිලු සපයන්නේ. අපේ රටේ මිනිස්සුන්ටද? මිනිස්සු මේවා විහිලු හැටියට නෙවෙයි ගණන් ගන්නේ. තීන්දුව දෙයි. හැබැයි මේවා දිගින් දිගටම සිද්ධ වුනොත් ඊළඟ මැතිවරණයෙන් දැඩි තීන්දුවක් ගනී. එක්සත් ජාතික පක්ෂයට වෙච්ච දේ අපිටත් සිද්ධ වෙන්න පුළුවන්.”
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට