පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලු පළාත් කාර්යාල ලබන ඔක්තෝබර් 23 වනදා දක්වා මහජනතාවට විවෘත නොකිරීමට තීරණය කර තිබෙනවා.
විභාග කටයුතු, සම්මුඛ පරීක්ෂණ කටයුතු, විදෙස් ගමන් බලපත් ලබා ගැනීම වැනි හදිසි අත්‍යාවශ්‍යය කටයුතු සදහා ජාතික හැදුනුම්පත් කඩිනමින් ලබා දීමට විශේෂ වැඩ පිළිවලක් සකස් කර ඇති බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා කියා සිටියේ.
ඒ සම්බන්ධයෙන් 0115 226 126, 0115 226 115, 0115 226 100, 0115 226 150 යන දුරකතන අංකවලින් තොරතුරු ලබා ගත හැකි බවද ඔහු වැඩිදුරටත් සදහන් කළා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ