අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු බව හඳුනාගෙන තිබෙන ජනිත් මධුසංඛ නොහොත් ‘‘පොඩි ලැසී’’ නැමැත්තා විසින් කිසියම් අපරාධයක් සඳහා සූදානම් කර තිබූ බවට සැක කරන මෝටර් රථයක් සහ ලොරියක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
උණවටුනේදී සහ අම්බලන්ගොඩ ප්‍රදේශයේදී මෙම වාහන දෙක පොලිස් භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.
‘‘පොඩි ලැසී’’ නැමැත්තාගේ විරුද්ධවාදියෙකු වන දැනට බන්ධනාගාර ගතව සිටින සැකකරුවෙකු බන්ධනාගාර බසයෙන් රැගෙන යමින් සිටින අවස්ථාවක එම සැකකරු ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා අදාල වාහන දෙක සූදානම් කර තිබූ බවට අනාවරණ වී ඇති බවද අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ