නවසීලන්ත පාර්ලිමේන්තු මැතිවරණයේ විශිෂ්ඨ ජයක් හිමිකර ගැනීමට, අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන්ගේ කම්කරු පක්ෂය සමත්ව තිබේ.
අග්‍රාමාත්‍යවරිය නියෝජනය කළ කම්කරු පක්ෂය සියයට 49ක ඡන්ද ප්‍රමාණයක් ද එරට ප්‍රධාන විපක්ෂය ලෙස කටයුතු කළ නවසීලන්ත ජාතික පක්ෂය සියයට 27ක ඡන්ද ප්‍රමාණයක් ද හිමිකරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
1996 වසරේ සිට ක්‍රියාත්මක වන නව ඡන්ද ක්‍රමය යටතේ කිසිඳු දේශපාලන පක්ෂයක් නවසීලන්ත පාර්ලිමේන්තුවේ බහුතර බලයක් හිමිකරගෙන නොමැති අතර මෙවර පැවති මැතිවරණයෙන් ජසින්ඩා ආර්ඩන් ප්රමුඛ කම්කරු පක්ෂය ජයග්‍රහණය කර ඇත්තේ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ද සමඟිනි.
ඒ අනුව නවසීලන්ත පාර්ලිමේන්තුවේ ආසන 120න් ආසන 64කට වැඩි ගණනක් කම්කරු පක්ෂයට හිමිව ඇත.
අගමැතිවරියට සුභ පතමින් නවසීලන්ත ජාතික පක්ෂයේ නායිකාව වන ජූඩිත් කොලින්ස් පවසා ඇත්තේ, කම්කරු පක්ෂයේ ජයග්‍රහණය ගැන පුදුමයට පත් නොවන බවත් එය අපේක්ෂාකළ ප්‍රතිඵලයක් බවත් ය.
ඵෙතිහාසික ජයග්රහණයෙන් පසු ජනතාව අමතමින් 40 හැවිරිදි ජසින්ඩා ආර්ඩේන් ප්‍රකාශ කර සිටියේ, කිසිදු අවස්ථාවක ජනතා විශ්වාසය පළුදුවීමට ඉඩ නොතබන බවත් ඉදිරි වසර තුනක කාලය තුළ අභියෝග ජයගෙන ඉදිරියටම යන බවත් ය.
නවසීලන්ත අගමැතිවරිය ලොව සාර්ථක රාජ්‍ය නායිකාවක් ලෙස පැසසුමට ලක්ව තිබේ. පසුගිය වසරේ නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හි සිදුවූ අනතවාදී ප්‍රහාරය හමුවේ ඇයගේ ක්‍රියාකාරීත්වයත් කොරෝනා වසංගතය හමුවේ සිදුකළ කැපවීමත් හේතුවෙන් ජසින්ඩා ආර්ඩේන් සම්බන්ධව ලෝක ජනතාවගේ ද වැඩි අවධානයක් හිමිවිය.
More Stories
චීන-බ්‍රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්‍රසීල සංචාරය
වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්