පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවසාන තීරණය ගනු ලබන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ හෙට (8) පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
හෙට සිට පොදු ප්‍රවාහන සේවා සාමන්‍ය පරිදි පවත්වා ගෙන යාමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය කලින් සැලසුම් කර තිබිණා.
විශේෂයෙන් අන්තර් පළාත් බස් සේවාවන් අද දිනයේත් ක්‍රියාත්මක වන්නේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර පමණක් බව අමාත්‍යවරයා සඳහන් කළා.
පොදු ප්‍රවාහණ සේවාවන් හෙට (8) සිට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට තීරණය කර තිබුණත් ජනාධිපති මාධ්‍ය අංශය ඉකුත් 5 වැනිදා නිකුත් කරන ලද නිවේදනයෙහි තොළඹ, ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල පමණක් පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කළ යුතු බව සඳහන් කර තිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් අනුව ආසන සංඛ්‍යාව අනුව පමණක් මගීන් ප්‍රවාහනය කිරීමේදී දැනට පවතින ලංගම හා පෞද්ගලික බස් රථ ප්‍රමාණවත් නොවන බැවින් ඒ සඳහා විකල්පයක් ලෙස සංචාරක සේවා මෙන්ම දැනට ලියාපදිංචිය සඳහා පොරොත්තු ලේඛනයේ ඇති බස් රථ, මගී ප්‍රවාහනය සඳහා තාවකාලිකව ලියාපදිංචි කිරීමට පියවර ගෙන තිබෙනවා.
එහෙත් ඒවා මගී ප්‍රවාහහන සේවාවන් සඳහා පුද්ගලික බස් රථවලට හානියක් නොවන පරිදි අවශ්‍ය වුවහොත් පමණක් යොදා ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට වැඩිදුරටත් උපදෙස් දී තිබේ.
More Stories
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ
විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඉහළට
ජනපති සමඟ එක්ව IMF ගිවිසුම සංශෝධනය කරන්න සජිත් සුදානම් – සජිත්